පොල් සම්බෝල
තවම හරියට රසට පොල් සම්බෝල හදන්නේ නැතිනම් මෙන්න මෙහෙමයි හදන්නේ
අවශ්‍ය ද්‍රව්‍ය :
සිහින්ව ගාගත් පොල් බාගයක්
කෑලි මිරිස්
සුද්ද කරගත් රතු ළුණු ගෙඩි කීපයක්
ලුනු තේ හැදි භාගයක්
සුදු ළුණු - බික්කක්
උම්බලකඩ -තියෙනවනන්
සියඹලා යුෂ තේ හැන්දක්
දෙහි ගෙඩියෙන් බාගයක්
තක්කාලි සිහින්ව කපාගත් තේ හැදි එකක්
හදන ක්‍රමය
මේ වැඩේට වං ගෙඩියක් තියෙනවනන් හොඳයි. ලේසියි. නැතිනම් පිහියේ තලය පැත්තට තියලා තලා ගන්න. මුලින්ම වංගෙඩියට රතු ළුණු, කෑලි මිරිස්, සුදු ළුණු සහ ලුණු හොඳට කොටාගන්න. නැතිනම් තලා ගන්න.
ඉන්පසු උම්බලකඩ දමනවා නම් උම්බලකඩත් දමා හොදින් මිශ්‍රකර ගන්න. එයට ඉතිරි අඩුම කුඩුම ටිකත් දමා ගන්න. දැන් පොල් එක්කර හොදින් කවලම් කර ගන්න. සමහරු මෙය කොටා ගන්නවා. සමහරු හොදින් මිරිකනවා. මේ දෙකම කරන්න එපා. ඒ දේ කරාම පොල් වල කිරි රස නැති වෙනවා. පොල්කුඩු වගේ රසයක් එනවා. හොදින් කවලම් කිරීම විතරක් කරන්න.
int..
0 comments: