Booking

Booking.com

Thursday, May 7, 2015

අලූ පරාටා

4:02 PM - By Unknown 0


අලූ පරාටා


මෙන්න තවත් රසම රස කෑමක්. පරාටා නම් හැමෝම කාලා ඇති. “අලූ පරාටා“ වැඩිය අහල නැතිව ඇති, ඒත් අල පරාට කිව්වාම නන් දන්නව ඇති, නමුත් කීයෙන් කීදෙනාද රස බලලා තියෙන්න? උතුරු ඉංදියානු කෑමක්. මාත් මේක මුලින්ම දැක්කෙ හින්දි චිත්‍රපටි වලින්, උදේ හවස පිටි සහිත ආහාර ගන්න ඉංදියනුවො මේක සමබර ආහාර වේලක් ලෙස සලකා පාවිච්චි කරනවා.

අපේ අයටත් කොච්චරවත් පරාටා එපා වෙලා ඇති. නිකන්ම පොල් රොටි කනවටත් වඩා මේක රසයි. පොඩි උත්සහයක් කරලා බලන්න. හැබැයි මම මේක හදල තියෙන්නේ පොඩ්ඩක් කටදන ගානට,මොකද බහුතර අපේ කට්ටිය පොඩ්ඩක් hot දේවල්ට කැමතියි නේ.

අවශ්‍ය ද්‍රව‍්‍ය -

අල ගෙඩි 3ක්
පිටි කෝප්ප 3ක්
කහ කුඩු තේ හැදි භාගයක්
මිරිස් කුඩු තේ හැන්දක්
රට ලූණු ගෙඩි 2ක්
අමු මිරිස් කරල් 2ක්
ලුනු හා දෙහි අවශ්‍ය තරමට
දුරු ටිකක් (තියනවනන්)
ඉගුරු සුදුලූණු ටිකක් (තියනවනන්)
කොත්තමල්ලි කොල හෝ කරපින්ච කොල (පාට ගන්න )

හදන්න ලේසියි. තේරෙන විදිහට කිව්වොත් පිටි වලට වතුරයි ලුණුයි පමණට දාල අතේ නොඇලෙන තරමට මෝලියක් හදා ගන්නවා.

ඒක පොඩ්ඩක් පැත්තකට තියල පිරවුම හදා ගන්නේ මෙහෙමයි. අර පෙර කිවූ අල, ලූණු,මිරිස් සහ කුලුබඩු ඔක්කොම එකට මිශ්‍ර කරනව, අල එහෙම හොදට තැම්බිලා තියෙන්න ඕනා, නැත්තන් හපද්දි පොඩ්ඩක් ප්‍රශ්න වෙනවා.

දැන් තමයි ලොකුම වැඩේ. අර ඉස්සෙල්ලා හදා ගත්ත පිටි මෝලිය හොදට රෝල් කර ගන්න ඕනෙ, මේකට පිරිසිදු බෝතලයක් යොදා ගන්න පුලුවන්. ඊට පස්සේ පිරවුමෙන් ටිකක් රොටී උඩින් තියනවා. ඊට පස්සෙ ඒ පිරවුම අර තුනී කරගත් රොටියෙන් ඔතනව.

ඊට පස්සෙ ඒ පිරවුම සහිත පිටි ගුලිය නැවත බෝතලයෙන් තුනී කරනව. මේකදී පිරවුම එලියට නොයන විදිහට පරිස්සමට රෝල් කරන්න ඕන.
දැන් තියෙන්නෙ සාමාන්‍ය පරාටයක් විදිහටම තෙල් ටිකක් දාමලා සෝස්පෙන් හරි කබලෙ හරි බැද ගන්න.

පැය බාගෙන් රාත්‍රී ආහර වේලක්, උදෙයටත් හොදයි. මේක ටිකක් සැර නිසා කරි එකත් පොඩ්ඩක් සැරට තිබ්බොත් හොදයි. ඔයාලත් උත්සහ කරන්න.

Tags:
About the Author

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Pellentesque volutpat volutpat nibh nec posuere. Follow me @Bloggertheme9
View all posts by admin →

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

0 comments:

Ceylon

Booking.com

Luxury Holidays

Booking.com

Book Now

Booking.com

Latest News

Sri Lanka A coach Gunawardene eager to work with the next generation

latest news in sri lanka

Avishka Gunawardene, who was appointed Sri Lanka A's coach for their tour of England in July, has earmarked a few young players for the senior side. Among them were Charith Asalanka, who led the country in the Under-19 World Cup earlier this year, fast bowler Asitha Fernando, who picked up 11 wickets at an average of 16.45 in the same tournament.

Recent news

Text Widget

Blogroll

Discussion

© 2014 Recipes. Distributed By Blogspot Templates | Design By Bloggertheme9
Powered By Blogger.
back to top