ආප්ප හදමු
ආප්ප
කිව්වාම මේ දවස්වල කට්ටිය බොහොම බය වුන කෑමක්. මොකද සමහරු ආප්ප කාලා පැනලා
ගියානේ. කමක් නෑ ඒ කිරි වැඩි ආප්ප. අද අපි හදන්න යන්නේ රස ආප්ප. මෙන්න
මෙහෙමයි හදන්නේ. ඔයාලත් උත්සහ කරලා බලන්න.
හරිස්චන්ද්‍ර හෝ වෙනත් කුමන හෝ ඔබ කැමති වර්ගයක ආප්ප පිටි මිශ්‍රණ පිටි පැකට්ටුවක් ගෙන (400gms) එයට දිය කිරි කෝප්ප දෙකක් එකතු කොට තරමක් උකු මිශ්‍රණයක් සාදා ගන්න.
ඉන් පස්සේ ඒ මිශ්‍රණය හොදින් වසා අවම ලෙස පැය කාලක් පමණ වේලාවක් තබන්න. ඒත් පුළුවන්නං පැය බාගෙකට වඩා ටිකක් තිබ්බනං හොඳට පිපෙනවා. ඊට පස්සේ එයට මිටි කිරි කෝප්ප එක හමාරක් පමණ එකතු කර තවත් පැය කාලක් හෝ විනාඩි 30ක් පමණ තැබුවාම ඔබේ ආප්ප පිටි මිශ්‍රණය සූදානම්. ඒ වගේම නිතරම පොල් කිරි කෝප්ප බාගයක් විතර තියා ගන්න වෙනම. මොකද මේ මිශ්‍රණය ආප්ප උයන අතරේ උකු උනොත් නැවත දියාරු කර ගන්න පුළුවන්. ඔය පහළින් තියෙන්නේ දිය කරගත්ත පිටි මිශ්‍රණය.
ඔය පිටි මිශ්‍රණය හොඳට දියාරු උනාට කමක් නැහැ. ඒ වගේම කලටි පොල් නැතිව හොඳින් පැසුණු පොල් කිරි තියෙනවනං ඕකෙන් හදන ආප්ප බොහෝම රසවත් කියලත් කියන්න ඕන.
ඊට පස්සේ ආප්ප හදන්න සූදානම් වෙලා ඕකට හොඳින් මිරිකාගත් මිටි කිරි කෝප්ප දෙකක් එකතු කරන්න. දැන් පදමට එවි පිටි ටික. දැන් මිශ්‍රණය සූදානම්. ඊ ළග දේ තාච්චිය. මෙයට ලේසීම නොන්ස්ටික් තාච්චියක්. ඒක හරිම පහසුයි.
ඒත් නොන්ස්ටික් නැති අයට සාමාන්‍ය තාච්චියකින් මේක කරගත හැකියි. ඒත් ගෙදර අනිත් ඉවුම් පිහුංවලට ගන්න තාච්චිනං මේකට ලේසි නැහැ. ආප්ප හදන්න ඒකටම වෙන් කරපු තාච්චියක් ගන්න එක තමා වඩා හොද. ඒ වගේම එහෙම ගන්න තාච්චිය රත් කරලා බාගෙට කැපුව ලොකු ළුණු ගෙඩියක් අතුල්ලලා සකස් කරගත්තාම අඩිය අල්ලනවා අඩුයි. ඒ වගේම වෙනම තෙල් පීරිසියක් වගේම ඒ තෙල් තාච්චියේ ආලේප කරන්න පොඩි රෙදි පොට්ටනියක් එහෙමත් ඕන.
ආප්පයක් දාන්න කලින් ඒ තෙල් පොට්ටනියෙන් තාච්චිය ලාවට පිස දැමීම කල යුතුයි. ඔයිට අමතරව ඉතිං තාච්චියේ රස්නය පාලනය කර ගැනීම හුරුවෙන්නේ ආප්ප දෙකක් තුනක් දාපුවට පස්සේ තමා. ආප්පයක් අඩිය ඇල්ලුවනං ඒක හොඳින් අහක් කරලා තාච්චිය හොඳටම නිවෙන්න තියලා ළුණු සාත්තුව දීලා ආයේ රත් කරලා පටන් ගන්න. ආප්ප දැමීම තියෙන්නේ තාච්චිය පදම් වීම මත තමා. ඒත් නොන්ස්ටික්නං කිසිම අමාරුවක් නැත. තෙල් ගාන්න උවමනා නැත. බොහෝම සරලයි.
ඉතිං පිටි මිශ්‍රණයත් ලෑස්තිනං තාච්චියත් පදමට රත් වෙලානං තව මොනවද කරන්න තියෙන්නේ. ආප්ප පිටි මිශ්‍රණය හොඳ බොකුටු හැන්දකින් ගත්තා. තාච්චියට දැම්මා තාච්චිය හොදින් වටයක් කැරකෙව්වා. තිබ්බා ලිපේ. වැහුවා පියනෙන්. තත්පර තිහකින් විතර ඇරලා බැළුවා. එතකොට තේරෙනවා තව කොච්චර තියෙන්න ඕනද කියලා. ආප්ප කර කරලා කැමති අය හොඳට කරවෙනකල් ඉඳලා ආප්පේ ගැලෙව්වම හරි. නැත්තං කර නොවී ගලවන්න.
දැන් ඔයාලාටත් ගෙදරදී මේ විදියට ආප්ප හදාගෙන රස බලන්න පුළුවන්. හැමෝම උත්සහ කරලා බලන්න.

0 comments: