Booking

Booking.com
Featured Articles

gopro

gopro
All Stories

Thursday, June 23, 2016

Chocolate Chip-Caramel Poke Cake

Chocolate Chip-Caramel Poke Cake



Enjoy this delicious caramel topped chocolate cake made using Betty Crocker® SuperMoist® cake mix and frosting – a perfect dessert.

Ingredients

1
box Betty Crocker™ SuperMoist™ devil's food cake mix
1 1/3
cups buttermilk
1/2
cup vegetable oil
3
eggs
1
bag (12 oz) semisweet chocolate chips (2 cups)
1
cup caramel topping
1/2
cup Betty Crocker™ Rich & Creamy vanilla frosting

Directions

  • 1 Heat oven to 350°F (325°F for dark or nonstick pan). Spray bottom only of 13x9-inch pan with baking spray with flour.
  • 2 In large bowl, beat cake mix, buttermilk, oil and eggs with electric mixer on low speed 30 seconds, then on medium speed 2 minutes, scraping bowl occasionally. Pour into pan. Sprinkle with chocolate chips; press gently into batter.
  • 3 Bake 35 to 43 minutes or until toothpick inserted in center comes out clean. Cool 30 minutes. Spray meat fork or other long-tined fork with cooking spray. Poke warm cake every inch with fork tines. Pour caramel topping over cake. Cool completely, about 1 hour.
  • 4 In medium microwavable bowl, microwave frosting 15 to 30 seconds; stir until very soft. Spoon frosting into 1-quart resealable food-storage plastic bag. Cut tip off 1 corner of bag. Drizzle frosting across top of cake. For easy cutting, dip knife in hot water. Store covered.

4:26 PM - By Unknown 0

Friday, June 17, 2016

පොලොස් ඇඹුල

 

පොලොස් ඇඹුල



ගමේ තාලයට පොලොස් ඇඹුලක් සාදාගන්නා ආකාරය අද අප විමසා බලමු.

අවශ්‍ය ද්‍රව්‍ය

පොලොස් ගෙඩි 1
බැදපු දුරු කුඩු මේස හැදි 2
ගා ගත් පොල් මේස හැදි 2
කැකුළු හාල් මේස හැදි 1
පොල් මිටිකිරි කෝප්ප 2
පොල් දිය කිරි කෝප්ප 2
ගොරකා කැබලි 2
තක්කාලි ගෙඩි 1
කහ කුඩු තේ හැඳි 1/2
රතු ළූණු ගෙඩි 15
සුදු ළූණු බික් 6
රම්පෙ, කරපිංචා
ගම්මිරිස් තේ හැඳි 1
උම්බලකඩ මේස හැඳි 2
ලුණු, කුරුදු පොතු
ඉඟුරු ස්වල්පයක්

සාදන ක්‍රමය

පොලොස් ගෙඩිය පොතු හැර අවශ්‍ය පරිදි කැබලි වලට කපා ගන්න. එයට වතුර ටිකක් දමා හොදින් තැම්ඹෙන තෙක් ලිපෙහි තබන්න. මෙය තැම්ඹෙන අතරේ හාල් සහ ගා ගත් පොල් දුඹුරු පැහැ වන තෙක් බැද අඹරා ගන්න.

ඉන් පසුව ඇතිලියක් ගෙන එයට තෙල් මේස හැදි කීපයක් දමා රත්වුන විටදී සුදුලූණු සහ ඉඟුරු ස්වල්පයක් දමා රන්වන් පැහැය වන තෙක් බැදෙන්න දෙන්න. බැදුනු පසුව රන්පේ සහ කරපිංචා එකතු කරන්න. ඉන් පසුව සිහින්ව කපාගත් ලොකු ලූණු, බැදපු දුරු කුඩු, ගොරකා, කහ, රතු ළූණු, තලා ගත් සුදු ළූණු ස්වල්පයක්, ගම්මිරිස්, බැදපු මිරිස් සහ ලුණු ඇතිළියට දමා හොඳින් මිශ්‍රකර ගන්න. ඉන්පසු එයට තම්බා ගත් පොලොස් එකතු කරන්න. නැවත හොදින් මිශ්‍රකර දිය කිරි කෝප්ප දෙකක් දමා හොදින් බුබුලු දමමින් විනාඩි පහක් තැම්ඹෙන්න දෙන්න. එය තැම්බෙන විට මිටිකිරි කෝප්ප 3 දමන්න. දැන් ගින්දර හැකිතරම් අඩුකරන්න. එහි මිටිකිරි හිදී තෙල් පෑදෙන තුරු පිසෙන්නට හරින්න.

වැදගත් කරුණු

අවශ්‍ය නම් එනසාල්, කරාබුනැටි ද එක් කල හැක.
5:46 PM - By Unknown 0

Thursday, May 7, 2015

චිලි පේස්ට් හදන හැටි


 

චිලි පේස්ට් හදන හැටි


අවශ්‍ය දුව්‍ය

කැලි මිරිස් 1 1/2Tsp
සුදු ලූනු බික් 05ක් පමන (ඉතා සිහින් වෙන්න කපා ගන්න )
ලොකු ලූනු පොඩි ගෙඩි 01 (ඉතා සිහින් වෙන්න කපා ගන්න )
සොයා සෝස් 1 Tsp
සියඹලා 2 Tsp
තෙල් 100Ml
දුඹුරු සීනි 1 Tsp
රස අනුව ලුනු

සාදන ක්‍රමය

භාජනයක් ලිප තබා තෙල් දමා රත් කරන්න මෙය මද ගින්දරෙ රත් වෙන්න හරින්න. තෙල් රත්වූ පසු සුදු ලූනු දමා තරමක රන්වන් පැහැ ගැන්වෙන තෙක් බැද ගන්න. එයට ලූනු දමා රන්වන් පැහැ ගැන්වෙන තෙක් බැද ගන්න.

ගින්දර තරමක් අඩු කර කැබලි මිරිස් දමා මිනිත්තුවක් පමන කලවම් කරන්න (පමන ඉක්මවා බදින්න එපා). සොයා සෝස්,දුඹුරු සීනී,සියඹලා දමා මිනිත්තුවක් පමන කලවම් කරගන්න. රස අනුව ලුනු දමා ගන්න.

මිශ්‍රණය නිවුන පසු ග්‍රයින්ඩරයක් ආධාරයෙන් තරමක් අඹරා ගන්න ( පමන ඉක්මවා අඹරන්න එපා). හොඳින් සෝදා වියලා ගත් ජෑම් බෝතලයක අසුරා ශීතකරනයේ තබා ගන්න.

මෙය සිසිල් කාලගුණයක් යටතේ මාසයක් පමන කල් තබා ගත හැක. ඔබත් චිලි පේස්ට් හදන්න උත්සහ කරන්න. ලෙහෙසියි පහසුයි.
5:02 PM - By Unknown 0

බිස්කට් පුඩින්

 

බිස්කට් පුඩින්


අවශ්‍ය දුව්‍ය

බටර් (ලුණු නැති)600g
මිල්ක්‌ මේඩ් 350g
මාරි බිස්‌කට්‌ 250g
කොකෝ පවුඩර් 70g
කල්කිරි 500Ml
නෙස්‌කැෆේ 2Tsp

සදන ක්‍රමය

බටර් හොඳින් දියවෙන්න තබන්න. එයට මිල්ක්‌ මේඩ් ටිකින් ටික දමා කලවම් කරන්න. පසුව කොකෝ පවුඩර් එකතු කරන්න. නෙස්‌කැෆේ උණු වතුරෙන් දියකර නිවෙන්න තබන්න. භාජනයකට කල්කිරි දමා නෙස්‌කැෆේ එකතු කර දිය කරගන්න.

මාරි බිස්‌කට්‌ ගෙන කිරි මත පොඟවා ගෙන තැටියක අතුරා ගන්න. එය මත සාදාගත් ක්‍රීම් එක තවරා ගන්න එලෙස තට්‌ටු 6 ක්‌ තවරා ගන්න. ශීතකරණයක පැය 2 ක්‌ පමණ තබා අතුරුපසක්‌ ලෙස ආහාරයට ගන්න.
4:45 PM - By Unknown 0

රස දිව පිනවන බතල ටොෆී

 

රස දිව පිනවන බතල ටොෆී


බතල අපේ රටේ ආහාරයට ගත හැකි ජනප්‍රිය අල වර්ගයක්. වෙනත් අල වර්ග වලට වඩා පැණි රසින් යුතු වීමත්, පහසුවෙන් වගාකර ගත හැකි වීමත් නිසාවෙන් පුංචි දරුවන් පවා බතල කෑමට රුචියක් දක්වනවා.

වැඩිදෙනෙක් කැමැති බතල අල තම්බා ආහාරයට ගැනීමට. ඒ අතර බතල මාළුව, බතල තෙල් දැමුමත් අපේ ගෘහණියන් අතර ජනප්‍රියයි.

අද පාඨක ඔබට තිළිණ කරන්නේ විවේකී සති අන්තයේ ගෙදර පොඩිත්තන් වෙනුවෙන් විශේෂයෙන් පිළියෙළ කර දිය හැකි පැණි රස ආහාරයක්.

නගරයේ ජීවත් වන අයකුට වුවත්, වෙළෙඳ පොළෙන් නැතිනම් සුපිරි වෙළෙඳ සලෙන් පවා ඉතාමත් පහසුවෙන් අඩු මුදලකට ලබා ගත හැකි බතලවලින් රසවත් ලෙස ටොෆී පිළියෙල කරගන්නා අන්දමයි මේ.

මේ ද්‍රව්‍ය අවශ්‍යයි

හොඳින් තම්බාගත් බතල කෝප්ප 1 යි
සීනි කෝප්ප 1 1/2 යි
කිරි පිටි මේස හැඳි 2 යි
ලුණු කුඩු ස්වල්පයක්
වැනිලා
රෝස හෝ කොළ පැහැති ආහාර වර්ණක

මෙන්න මෙහෙම හදමු

බතල සෝදා තම්බා පොතු හැර හොඳින් පොඩි කර ගන්න. එසේ පොඩිකරගත් බතල සීනි හා කිරිපිටි සමඟ හොඳින් මිශ්‍ර කරන්න. දැන් මෙම මිශ්‍රණය ලිප තබා හැඳි ගාමින් ටොෆී පදම එනතුරු පිසගන්න.

ළිපෙන් බෑමට පෙර ලුණු ඇතුළු රස කාරක හා වර්ණක එක් කරගන්න.

ළිපෙන් බා රස්නය පිටින් ම බටර් තවරාගත් තැටියකට දමා තුනී කර කොටු කපා ගන්න සති අන්තයේ නිවෙසේ කෙළිදෙලෙන් පසුවන පොඩිත්තන්ටත්, නිවෙසට පැමිණෙන නෑදෑ හිතමිතුරන්ටත් මෙම බතල ටොෆීවලින් සංග්‍රහ කිරීමෙන් ඔබට උණුසුම් ප්‍රතිචාර ලැබේවි.
4:29 PM - By Unknown 0

රට ඉඳි පුඩිම


රට ඉඳි පුඩිම


කාර්ය බහුල ජීවිතයක් ගෙවන අපට, පවුලේ සැවොම සමඟ එක්ව කෑම වේලක් ගන්නට ලැබෙන්නේ සති අන්තයක නැතිනම් නිවාඩු දිනයක පමණයි.

අවශ්‍ය ද්‍රව්‍ය

ඇට හැර චොප් කරගත් රට ඉඳි කෝප්පයක්
ආප්ප සෝඩා තේ හැඳි 1/2
දුඹුරු සීනි කෝප්ප 1/2
බටර් ග්‍රෑම් 90 ක්
වැනිලා තේ හැන්දක්
බිත්තර 2 ක්
පිටි කෝප්පයක්
අයිසින් සීනි අවැසි නම්
තැටියක් (බේක් කර ගැනීමට)

අපි හදමු

පළමුව අවන් එක සෙ.අ. 180 උණුසුම් කරගන්න. ඇට ඉවත් කර තලාගත් රට ඉඳි වලට ආප්ප සෝඩා දමා ඊට උණුවතුර කෝප්පයක් දමා මෘදු වන්නට හරින්න. බටර් සහ සීනි එකට දමා හොඳින් ගසා ගන්න. දැන් එයට වැනිලා එකතු කර ඊටම බිත්තර ද, ඊට පසු පිටි ද දමා හොඳින් කලවම් කරගන්න. (තට්ටු කරගන්න)

දැන් රට ඉඳී ඉහත මිශ්‍රණයට දමා ජලය ස්වල්පයක් සමඟ මිශ්‍ර කර හොඳින් තට්ටු කරගන්න. දැන් මෙම මිශ්‍රණය තැටියක දමා විනාඩි 50 ක් හෝ පැයක් පමණ බේක් කර නිවුණු පසු කෑලි කපා අයිසින් සීනි අතුරා ආහාරයට ගන්න.
4:27 PM - By Unknown 0

රටඉදි මිශ්‍ර දෙහි චට්නි

 

රටඉදි මිශ්‍ර දෙහි චට්නි


අවශ්‍ය ද්‍රව්‍ය

රටඉදි ග්‍රෑ 250
ලුණු දෙහි ග්‍රෑ 125
සීනි මේස හැදි 4
මිරිස්කුඩු මේස හැදි 1
විනාකිරි කෝප්ප 1/4
ලුණු අවශ්‍ය තරමට

සාදන ආකාරය

රටඉදි ඇට ඉවත් කර විනාකිරි වල දමා පැයක් පමණ පොගවා ගන්න. පෙගුණු පසු රටඉදි අඹරා ගන්න. ලුණු දෙහිද ඇට හැර අඹරා ගන්න. දැන් බදුනක් ලිප තබා සීනි, ලුණු, මිරිස්කුඩු දමා උණුකර අඹරාගත් රටඉදි හා ලුණුදෙහි දමා තරමක් වෙලා තබා ලිපෙන් ඉවතට ගන්න. නිවුනු පසු බෝතල්වලට අසුරන්න.

මේ අකාරයට රටඉදි මිශ්‍ර දෙහි චට්නි සාදා ගැනීම මගින් ඔබට මාසයක් පමණ කාලයක් තබා ගැනීමට හැකිය. උත්සව මේසය සදහා බොහෝ ගැලපෙන රසවත් ආහාරයකි. මෙම ආහාරයේ වඩාත්ම හොද වන්නේ උත්සව දිනට දින කීපයකට පෙර සාදා ගැනීමට හැකි වීමයි. ඔබත් මේ රසවත් ආහාරය සෑදීමට උත්සහ කරන්න.

int..
4:22 PM - By Unknown 0

Ceylon

Booking.com

Luxury Holidays

Booking.com

Book Now

Booking.com

Latest News

Sri Lanka A coach Gunawardene eager to work with the next generation

latest news in sri lanka

Avishka Gunawardene, who was appointed Sri Lanka A's coach for their tour of England in July, has earmarked a few young players for the senior side. Among them were Charith Asalanka, who led the country in the Under-19 World Cup earlier this year, fast bowler Asitha Fernando, who picked up 11 wickets at an average of 16.45 in the same tournament.

Recent news

Text Widget

Blogroll

Discussion

© 2014 Recipes. Distributed By Blogspot Templates | Design By Bloggertheme9
Powered By Blogger.
back to top