දෙල් සමග ගොටුකොල
අද කියාදෙන්න යන්නේ හරිම රස ආහාරයක්. මම මේක හදලා බැලුවා. හරිම රසයි. ගොඩක් අයත් රස බලලා හරිම රසයි කිව්වා. බොහොම ලෙහෙසියෙන් හදන්න පුළුවන්. ගොඩක් දේ උවමනා වෙන්නෙත් නැහැ.
අවශ්‍ය ද්‍රව්‍ය
දෙල් ගෙඩි 1
ගොටුකොල
ලොකු ළූණු ගෙඩි 1
කජු මද හෝ රටකජු ස්වල්පයක්
කැබලි මිරිස් අවශ්‍ය තරමට
දෙහි බිංදු කීපයක්
සාදන ආකාරය
දෙල් ගෙඩිය පොතු හැර කුඩා කැබලි වලට කපා තම්බා ගන්න. තැම්බීමේදී කැබලි ලෙසින් තිබෙන තරම් තම්බා ගන්න. වතුර පෙරෙන්න දී ගැඹුරු තෙලේ බැදගන්න. බැද ගැනීමේදී දෙල් කැබලි රන් පැහැවන තුරු බැද ගන්න. බී ළූණුද එලෙසින්ම ගැඹුරු තෙලේ බැද ගන්න. ඉන්පසු තෙල් ස්වල්පයක් තාච්චියකට දමා රත්වන්නට දී කැබලි මිරිස්, කජු හෝ රටකජු ද දමා බැද ගන්න. අවසානයේ එයට ගොටුකොළ දමා බැද ගන්න. දැන් එයට ලොකු ළූණු දෙල් දමා මිශ්‍රකර දෙහි යුෂ කවලම් කරගන්න. දැන් ඔබට මේ රසවත් ආහාරය පිලිගන්වන්න පුළුවන්.

About the Author

0 comments: